Friday, April 29, 2016

4 වන විනාශය



“ඔලුව පැලෙන්න පැලෙන්න වගේ යකෝ” සම්පත් ඇඳේ අනිත් අතට හැරිලා තවත් හොඳට ඇඳ රෙද්ද පොරවාගෙන  බුදියගත්තා.
එක පාරම සම්පත්ට අද එලාම් සද්දේ ඇහුනේ නැහැ කියලා මතක් වුනා. “ආපහු මේ රෙද්ද අස්සේ ඔරලෝසුවේ වයින් බැහැල. තාත්තගේ මහලොකු දෑවැද්ද තමා මට ඉතුරු කරලා ගිය... පයිසයයි තුන් කාලකට වැඩක්  නෑ මේ රෙද්ද.” නොරුස්නා හැඟීමකින් සම්පත් එක ඇහැක් ලාවට ඇරලා තූත්තුකුඩියේ කටුගෙදරින් උස්සන් ආපු ලදරම් බොලොක්කයක් වගේ පෙනුන පරණ වයින් පීස් ඔරලෝසුව දිහා බැලුවා.
“ඔය තියෙන්නේ හත් ඉලව්වට ගහපු කලාබරයා වගේ කටු ටික ගල්ටික් වෙලා”... තනි ඇහෙන් වුනත් හරියට ම හතරේ ඉලක්කම ගාව පැය කට්ට නතර වෙලා තියෙන හැටි සම්පත්ට පෙනුනා. පොර අනිත් පැත්තට හැරිලා ඕනේ පශ්චාත් බායක් සත දහයයි කියල නිදා ගන්න පටන් ගත්තා.
කාලකන්නි ඔලුවේ කැක්කුමෙන් කැඩුන නින්ද ආපහු එන පාටක් ළඟ පාතක පේන්න තිබ්බේ නෑ. ඇඳේ ඒ මේ අත පෙරලි පෙරලි හිටපු සමන්ගෙ හිත නොදැනුවත්වම වගේ අතීතෙට දුවලා ගියා.
“තාත්තේ! අර...” වයින් පීස් ඔරලෝසුව මස් කරගෙන ඒක සුද්ද කර කර හිටපු රණසිංහ දිහා ජංගි කොටයක් ඇඳන් නහය හාර හාර බලාගෙන හිටියේ පුංචි සම්පත්. අවුරුදු දහයක කොලු ගැටයෙක් වුනත් සමන්ත වයසේ හැටියට ඇටිකිච්චෙක් වගේ පෙනුණේ. හරියට කෙහෙතගේ අපලේ හැදිලා වගේ. සම්පත්ට ඔව්වයේ ගානක් නැහැ. නහයේ කොනේ තිබ්බ හොටු කෑල්ලක් බොහොම අමාරුවෙන් ජේ සී බී පාරක් දාල එලියට ගන්න ගමන් තමන්ගේ තාත්තා දැති රෝද එක්ක ඔට්ටු වෙන හැටි හිච්චි එකා බලන් හිටියේ කට ඇරගෙන. හුරතල් විදිහට ඇදල පැදලා සමන්ත කතා කරනවා ඇහිලා ඒ දිහා බලපු රණසිංහට පුතා ඇඟිල්ල දික් කරන්, කට ඇරන් බලන් ඉන්නේ තමන්ගෙ පිටිපස්සේ තිබ්බ කණ්නාඩි මේසෙට බව පෙනුණා.
“බූතයෙක්වත්දැ”යි කියාගෙන රණසිංහ ලොක්කා අඬු මිටියත් අරන් බැලුව පිටි පස්ස ‘හොඳම තයිලේ කෝකටත් තයිලේ’ කියල හිතාගෙන. ම්හු. බූතයෙක් තියා මල පෙරේතයෙක්වත් නෑ. ඒත් මෙන්න තියෙනවා ඔරලෝසුවේ වයින් දුන්නක් ගිහින් රැඳිලා, කණ්නාඩි මේසේ දාරේ. “අල වගේද ගෝවා කිව්වලු. මල හත් ඉලව්වයි, තව පොඩ්ඩෙන් මං ඔරලෝසුව හයි කරන්නේ එක දුන්නක් අඩුවෙන්. අම්මප යකෝ පොඩි එකාට උකුස්සෙක්ට වගේ ඇස් පේනවා නේ” ඇහැට පෙනෙන නොපෙනෙන ඇබිත්තන් ඔරලෝසු දුන්න අතට අරගන්න ගමන් රණේ ලොක්කා හිතුව.
“පුතේ, මෙහෙ එන්න මයේ අම්ම. මෙතනින් ඉඳගනින් කොල්ලෝ. දන්නවද මේ ඔරලොසුව මොකද්ද කියල? මේක කසි කබල් පරණ ලඩක්කුවක් තමා. ඒත් මේකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මයේ පුතාගේ සීයාගෙ තාත්තා තමයි මේකේ මුල් අයිති කාරය. එයාගේ නම අදෝනිස් රණසිංහ. උන්දෑ කෝරාළ කෙනෙක්. මේ පළාතේ ආණ්ඩුකාරයා වගේ හිටියේ. එතකොට 1890 ගණන් වල... එංගලන්තේ යටත් විජිතයක් තමයි ලංකාව..... යටත් විජිතයක් කිව්වේ මා පුතා අපේ රටත් ඒ කාලේ ජිමියා වගේ තමයි. එංගලන්තේ දුවපන් කිව්වම අපි දුවන්න ඕනේ. නැවතියන් කිව්වම නවතින්න ඕනේ. පෙරලියන් කිව්වම පෙරලෙන්න ඕනේ... ජිමියා එහෙම නොකලොත් අපි ජිමියට කෑම දෙන්නේ නෑනේ, ඌ කියන දේ අහන්නේ නැති නිසා, නේද? එංගලන්තෙත් අපිට සැලකුවේ ජිමියට සලකනවා වගේ තමයි. එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා.... එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා.... කොහොම හරි එංගලන්තේ පාලනය ඉවර වුණා 1948දි. ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4. අද පෙබරවාරි 15 වනේ. මීට සතියකට විතර කලින් පුතාට මතකද අපි නිදහස් චතුරස්රෙට එක්කගෙන ගිහින් ලොකු සංදර්ශනයක් පෙන්නුවා. අපි ඒ තවමත් සමරන්නේ අපි පිටරටියන්ගෙ දඬු අඩුවෙන් බේරුණු දවස.... හැබැයි පුතෝ උබේ බාප්පට එහෙම ඕක ඇහුනොත් උන්දෑ කියාවි, හතලිස් අටේ නෙවෙයි හැත්තෑ දෙකේ තමා අපි නිදහස් වුණේ කියල... අපේ මල්ලිත් එක්ක තර්ක සාත්තරේට යනවට වඩා හොඳා කට ගලක උලා ගන්නවා. මං හතලිස් අට කියයි, ඒකා හැත්තෑ දෙක කියයි... අන්තිමට උබලෑ අම්ම ඇවිත් කට හෝ....දලා “නෑ නෑ අනේ එකදාස් නමසිය හැට හතර” කිව්වම අපි දෙන්නට වෙන්නේ පශ්චාත් බාගෙන් හක්කලන් කොරන්න. මයේ හාමිනේ තරුණ කාලේ ඉටි රූපේ වගේ. හැබැයි දෙවඟන වගේ වුණාට හෙන ගොන්  කඳ. දෙය්යන්ගේ පිහිටෙන් බොට මගේ මොලෙයි අම්මගේ පෙනුමයි ආවේ පූරුවේ පිනකට. අම්මගේ මොලෙයි මගේ පෙනුමයි ආවනම් උබට ඉතින් අබ සරණයි පුතේ. හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඕං, පෙර පාසල් මානසිකත්වයක් තිබ්බට උබලගේ අම්ම වචනයක් කිව්වොත් කිව්වා තමා. ආයේ සක්කරයටවත් ඊට එහා යන්න බෑ.”
 “ඒත් මේ කියන සිද්දිය වෙනකොට අපේ රටට නිදහස ලැබිලා තිබුණේ නැහැ.. පුතැලයේ මුත්තා ආණ්ඩුවේ කෝරළේ රාළ වුනාට  සුද්දට වුණත් බය නෑ. අසාධාරණේට සුද්දගේ ආණ්ඩුවට හරි ඕනේ වෙලාවක එරෙහි වුණා. මේ අතරේ දවසක් අදෝනිස් ආතාගේ වලව්වට එපිටින් තිබුණු ගණ කැලේට සුද්දෝ කණ්ඩායමක් අලි දඩයමේ ආවා. ආතා මේකට කැමති වුණේ නැහැ. කෝරලේ වලව්වේ නවාතැන් ඉල්ලුවාම ආතා කිව්වේ අලි දඩයම් කරනවා නම් කෝරළේ වසමේ තව දුරටත් ඉන්නේ නැහැ කියල.”
“ඒ වෙලාවේ දඩයක්කාරයන්ගේ නායකයා කෝරළේ ආතට වලව්වෙන් යන්න කියලා අණ කළා. මගේ තාත්තා, ඒ කිව්වේ ඔයාගේ සීයා, එතකොට ඔයාගේ වයසේ වගේ පොඩි කොල්ලෙක්. අදෝනිස් කෝරාළ තවත් එදිරිකම් පෑවොත් තමන්ගේ දරුවන්ටයි බාරියාවටයි අවැඩක් වෙන්න පුළුවන් බව තේරුම් ගත්තා. ඒ නිසා කරබාගෙන තමන්ගේ ම ගෙදරින් පිට වෙන්න වෙච්ච අදෝනිස් සීයා තමන්ගේ පවුලත් එක්ක කැලේට පිටත් වුණා.”
“දඩයම් නඩේ නායකයා ග්‍රෙගරි හේමිෂ් කියල එංගලන්තේ සුද්දෙක්. මිනිහා රැජිණගේ ආණ්ඩුවේ ලොකු නිලමක්කාරකමක් දරපු ආණ්ඩුකාරවරයෙක්. එදා  හවස් වරුව දඩයම් නඩේ ගත කළේ කවදාවත් ඉවර නො වෙන මහා සාදයක් වගේ. විභව තණ්හාවෙන් මුලා වුණු ග්‍රෙගරි තමන්ගේ තරුණ පුත්තු දෙන්නත්, දඩයමට ආපු කච්චේරියේ තමන්ගේ යාලුවනුත් එක්ක හොඳට අඩි පුඩි ගහගෙන ගෙරි මස් කකා සාජ්ජයෙන් හිටිය.”
“ටිකෙන් ටික රෑ බෝවෙන්න පටන් ගත්තා. යන්තම් අඳුර වැටීගෙන එන කොට අලි ඇත්තු දිය මංකඩ වලට වතුර බොන්න එන වෙලාව. ග්‍රෙගරිට ආරංචි වෙලා තිබ්බේ තුන්පත් රෑනක් ඒ අඩවියේ සැරිසරනවා කියලා.... ආ, තුන්පත් රෑන කියන්නේ පුතේ අලි පැටියයි, ආරක්ෂාවට ඉන්න අලි අම්මයි තවත් අලියෙකුයි එකට කැලේ ගමන් කරන එක. අනිත් අලියා අලි තාත්තම වෙන්නේ නෑ සමහරක් වෙලාවට, අලි පැටියා හම්බුනු වෙලාවේ අලි අම්ම එක්ක ලඟින්ම හිටපු අලියා හරි කෙනර, ඒ කිව්වේ මේ අලි”වතී” කියන එක. උබලගේ නීතා ලොකු අම්මත් හොඳවයින් කෙනරක් තමා. ඒ අම්මණ්ඩිට අඩු දළ දෙක විතරයි.”
“කොහොමින් හරි තුන්පත් රෑන අනිත් අලි වගේ රංචුව එක්ක යන්නේ නැහැ. මහ අලි ජෝඩුව පැටියා ආරක්ෂා කරගෙන කෑම හොයන්න යනවා කැළේ පුරාම. තුන්පත් රෑන බොහොම දරුණුයි. ලොකු අලි සාමාන්‍යයෙන් එළියක් දැක්කොත් මඟ ඇරලා ගියත් අලි පැටියා තමන්ගේ කුතුහලේට ආලෝකයක් තියෙන දිසාවට දුවගෙන යනවා. මේ නිසා තුන්පත් රෑන දඩයම් කරන්න යන්න වෙන්නේ කෑලි කපන කට්ට කරුවලේ. ග්‍රෙගරිගෙ නඩේත් අලි මංකඩක් ගාව රැකවල් ලාගෙන ගණ අඳුරේ දඩයම එනතුරා චටපට තාලෙට මදුරුවෝ තලතලා බලා ඉන්න පටන් ගත්තා.”
“මෙහෙම පැය ගණනාවක් බලන් හිටපු ග්‍රෙගරිගේ නඩයේ චටපට තාලයත් කාලය ගත වෙන තරමට ටිකෙන් ටික බාල වෙන්න ගත්තා. මහා ගණ අඳුරේ කන් දෙකත් නහයත් කටත් සීතලෙන් ගල් වෙලා වෙවුල වෙවුල අටවක හඳේ කණාටු එළියෙන්  කලාතුරකින් වගේ අලි මංකඩ මී මින්නෙක්, වල් හාවෙක් වගේ සතෙක් ග්‍රෙගරිගේ හදවතේ ගැස්ම එක වරම වැඩි කලත් තප්පර විනාඩි වලට හැරිලා, විනාඩි පැය වලට හැරෙන්න ගනිද්දී මදුරුවන් රංචුවක් වැහුවත් උන්ව තලන්න පවා අත උස්ස ගන්න බැරි තරමට ග්‍රෙගරිගේ යෝධ ශරීරය හිරි වැටිලා ගල් ගැහිලා තිබුණා. ඒ සීතල රාත්‍රියේ ගත වෙන තප්පරයක් පවා දැනුනේ කල්ප කාලාන්තරයක් ගත වෙනවා වගේ. බෝර තුවක්කුවේ බයිනෙත්තුවට බර වෙලා හිටපු ග්‍රෙගරිට යන්තම් ඇහි පිල්ලම් පියවෙන්නට පටන් ගත්තා.”
“ඊළඟ ක්ෂණයෙන් ග්‍රෙගරි විසි වෙලා ඇහැරුණේ වනාන්තරය දෙවනත් කරගෙන දෝංකාර දෙන්න පටන් ගත්තු වෙඩි සද්දයත් එක්කම සරීරෙ ඇට මිදුළු වල පවා මිදුණු ලේ වතුර කරගෙන කන් අඩි පුපුරු ගස්සවනන සමත් වෙච්ච තමන්ගේ ජිවිතේ අහන්න ලැබුණු දරුණුම විළාපය නිසයි. ඒත් ඊළග තප්පරේ දකින්න ලැබුණු දෙයින් බිරන්තට්ටු වුණු ග්‍රෙගරිට දෙ දණින් බිමට වැටෙන්න සිද්ද වුණා.”
“දෙයි හාමුදුරුවනේ! ග්‍රෙගරිගේ ලොකු පුතා පපුවේ අල්ලක් තරම් විසාල කුහරයකින් පිටවුනු ලේ දහරාවක් එක්ක අහසට පියාඹනවා ග්‍රෙගරි දැක්කා. ඒ අමානුෂික විළාපය වෙන කාගේවත් නොවෙයි. වේදනාවෙන් ඒ මේ අත ඇඹරෙමින් අහසට විසි වුණු ග්‍රෙගරිගේ ලොකු පුතාගෙ කටහඬමයි. මේ දැකපු දඩයම් නඩයේ සුද්දන් කුරුසය පපුවේ ඇඳගන්න හැටි ග්‍රෙගරිගෙ ඇස් කොණෙන් හඳ එළියෙන් පෙනුණා. “යක්ෂයා! ජේසු දෙවියනේ යක්ෂයා!”. ග්‍රෙගරිගේ බාල පුතා යටිගිරියෙන් බෙරිහන් දුන්නා.”.....

3 වන විනාශය


"ඔලුව පැලෙන්න වගේ යකෝ"

--------------------------------------------------------------------

එතකොට 1890 ගණන් වල... එංගලන්තේ යටත් විජිතයක් තමයි ලංකාව..... යටත් විජිතයක් කිව්වේ මා පුතා අපේ රටත් ඒ කාලේ ජිමියා වගේ තමයි. එංගලන්තේ දුවපන් කිව්වම අපි දුවන්න ඕනේ. නැවතියන් කිව්වම නවතින්න ඕනේ. පෙරලියන් කිව්වම පෙරලෙන්න ඕනේ... ජිමියා එහෙම නොකලොත් අපි ජිමියට කෑම දෙන්නේ නෑනේ, ඌ කියන දේ අහන්නේ නැති නිසා, නේද? එංගලන්තෙත් අපිට සැලකුවේ ජිමියට සලකනවා වගේ තමයි. එකම වෙනසකට තියෙන්නේ ඒ කාලේ එංගලන්තෙට කන්න බොන්න දුන්නේ අපි. ඒ දීලා අපිට කන්න බොන්න ඉතුරු වුනේ සොච්චමයි. එහෙමත් කරලා අපි ඒගොල්ලෝ කියන විදිහට හිටියේ නැත්තම් අපිට තියෙන සොච්චමත් ඇරගෙන ගිහින් අපිව බඩගින්නේ තියනවා....

--------------------------------------------------------------------

“ටිකෙන් ටික රෑ බෝවෙන්න පටන් ගත්තා. යන්තම් අඳුර වැටීගෙන එන කොට අලි ඇත්තු දිය මංකඩ වලට වතුර බොන්න එන වෙලාව. ග්‍රෙගරිට ආරංචි වෙලා තිබ්බේ තුන්පත් රෑනක් ඒ අඩවියේ සැරිසරනවා කියලා.... ආ, තුන්පත් රෑන කියන්නේ පුතේ අලි පැටියයි, ආරක්ෂාවට ඉන්න අලි අම්මයි තවත් අලියෙකුයි එකට කැලේ ගමන් කරන එක. අනිත් අලියා අලි තාත්තම වෙන්නේ නෑ සමහරක් වෙලාවට, අලි පැටියා හම්බුනු වෙලාවේ අලි අම්ම එක්ක ලඟින්ම හිටපු අලියා හරි කෙනර, ඒ කිව්වේ මේ අලි”වතී” කියන එක. උබලගේ නීලා ලොකු අම්මත් හොඳවයින් කෙනරක් තමා. ඒ අම්මණ්ඩිට අඩු දළ දෙක විතරයි.”

--------------------------------------------------------------------

පැය ගණනාවක් බලන් හිටපු ග්‍රෙගරිගේ නඩයේ චටපට තාලයත් කාලය ගත වෙන තරමට ටිකෙන් ටික බාල වෙන්න ගත්තා. මහා ගණ අඳුරේ කන් දෙකත් නහයත් කටත් සීතලෙන් ගල් වෙලා වෙවුල වෙවුල අටවක හඳේ කණාටු එළියෙන්  කලාතුරකින් වගේ අලි මංකඩ මී මින්නෙක්, වල් හාවෙක් වගේ සතෙක් ග්‍රෙගරිගේ හදවතේ ගැස්ම එක වරම වැඩි කලත් තප්පර විනාඩි වලට හැරිලා, විනාඩි පැය වලට හැරෙන්න ගනිද්දී මදුරුවන් රංචුවක් වැහුවත් උන්ව තලන්න පවා අත උස්ස ගන්න බැරි තරමට ග්‍රෙගරිගේ යෝධ ශරීරය හිරි වැටිලා ගල් ගැහිලා තිබුණා. ඒ සීතල රාත්‍රියේ ගත වෙන තප්පරයක් පවා දැනුනේ කල්ප කාලාන්තරයක් ගත වෙනවා වගේ.

--------------------------------------------------------------------

ග්‍රෙගරි විසි වෙලා ඇහැරුණේ වනාන්තරය දෙවනත් කරගෙන දෝංකාර දෙන්න පටන් ගත්තු වෙඩි සද්දයත් එක්කම සරීරෙ ඇට මිදුළු වල පවා මිදුණු ලේ වතුර කරගෙන කන් අඩි පුපුරු ගස්සවනන සමත් වෙච්ච තමන්ගේ ජිවිතේ අහන්න ලැබුණු දරුණුම විළාපය නිසයි. ඒත් ඊළග තප්පරේ දකින්න ලැබුණු දෙයින් බිරන්තට්ටු වුණු ග්‍රෙගරිට දෙ දණින් බිමට වැටෙන්න සිද්ද වුණා.

--------------------------------------------------------------------

ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4. අද පෙබරවාරි 15 වනේ. මීට සතියකට විතර කලින් පුතාට මතකද අපි නිදහස් චතුරස්රෙට එක්කගෙන ගිහින් ලොකු සංදර්ශනයක් පෙන්නුවා. අපි ඒ තවමත් සමරන්නේ අපි පිටරටියන්ගෙ දඬු අඩුවෙන් බේරුණු දවස.... හැබැයි පුතෝ උබේ බාප්පට එහෙම ඕක ඇහුනොත් උන්දෑ කියාවි, හතලිස් අටේ නෙවෙයි හැත්තෑ දෙකේ තමා අපි නිදහස් වුණේ කියල... අපේ මල්ලිත් එක්ක තර්ක සාත්තරේට යනවට වඩා හොඳා කට ගලක උලා ගන්නවා. මං හතලිස් අට කියයි, ඒකා හැත්තෑ දෙක කියයි... අන්තිමට උබලෑ අම්ම ඇවිත් කට හෝ....දලා “නෑ නෑ අනේ එකදාස් නමසිය හැට හතර” කිව්වම අපි දෙන්නට වෙන්නේ පශ්චාත් බාගෙන් හක්කලන් කොරන්න. මයේ හාමිනේ තරුණ කාලේ ඉටි රූපේ වගේ. හැබැයි දෙවඟන වගේ වුණාට හෙන ගොන්  කඳ. දෙය්යන්ගේ පිහිටෙන් බොට මගේ මොලෙයි අම්මගේ පෙනුමයි ආවේ පූරුවේ පිනකට. අම්මගේ මොලෙයි මගේ පෙනුමයි ආවනම් උබට ඉතින් අබ සරණයි පුතේ. හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඕං, පෙර පාසල් මානසිකත්වයක් තිබ්බට උබලගේ අම්ම වචනයක් කිව්වොත් කිව්වා තමා. ආයේ සක්කරයටවත් ඊට එහා යන්න බෑ.”

--------------------------------------------------------------------

මහින්ද තමයිමේ වෙලාවේ අපිට නම්මා ගන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. මිනිහාව දෙයක් කියලා තේරුම් කෙරුවොත් කෙනෙක්ගේ වචනෙට නම්මා ගන්න පුළුවන්. අනික ලොකු උගත් කමක් කියලත් නැහැනේ. ඒත් මේ පරයා කට්ට කයිරාටික යක්ෂයෙක්. නොවැම්බර්  වල ජනාධිපතිවරනෙට මූ එන එක වලක්වන්න බෑ. මහින්දගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ කයිසර් මූ තවත් ජීවත් වුනොත්. අන්තිම මොහොතේදී මහින්දව ඇසසිනෙට් කෙරුවොත් මහින්දව මාටර් එකක් කරගෙන මූ සුළු ජාතික ඡන්ද විතරක් නෙවෙයි, නිදහස් පක්ෂේ සිංහල ඡන්ද පවා අරගෙන උඩින් ම දිනනවා. ඊට පස්සේ අපිටවත් ඌට අත තියෙන එක ලේසි නෑ. ඒ ඇයි කියල උඹ හොඳට ම දන්නවනේ කයිසර්? කොහොම වුනත් රනිල්ට බෑ දිනන්න මේකාත් එක්ක. මහින්දත් එක්ක කොන්ටෙස්ට් කලොත් රනිල් දිනන්න ලොකු ඉඩක් තියෙනවා. රනිල් කියන්නේ ටිකක් අමාරු කාරයෙක් තමයි. ඒත් රනිල් පවා ටිකක් මහන්සි වුනොත් අපිට පාලනේ කරන්න පුළුවන්. ඒත් මූ.  සිවරාම් ගිය තැනටම මූව යවන්න වෙනවා. අර පුක උඩ දාගෙන කෑ ගහන ප්ලොට් වේසි සෙල්වරාජා... එකිවත් මූ එක්කම යවලා දාන්න ඕනේ. උඹේ ආයුදේ ලැහැස්ති කර ගනින් කයිසර්. මේක දැනෙන්න කරන්න ඕනේ වැඩක්. මහින්දව මාටර් එකක් කරන්නනේ මූ ලැහැස්ති වුණේ. ඌරගෙ මාළු කපන්න ඕනේ කොල්ලෝ ඌරගේ ඇඟේ තියලා මයි. උබට ඕනේ ගාණක් ඉල්ලාපන් කයිසර්. අපි ලෑස්තියි දෙන්න" කියමින් කරකවමින් හිටපු වයින් ඔරලෝසුව මේසය උඩින් තියාපු රණසිංහ, කයිසර් එක්ක දියවන්නා හෝටලයෙන් එලියට බැස්සා.

මෙච්චර වේලා රණසිංහ කියන දේ සාවධානව සමාදානයෙන් අහගෙන හිටපු කයිසර් එලියට යන දොර ගාව එකපාරම නැවතුනා.

"බොස්, මේ ටාගට් දෙක ඉවර කරන එක අමාරුයි. ලොකු බජට් එකක් ඕනේ. ඒත් මං මේ දෙක සර්ට කරලා දෙන්නේ නොමිලේ." කයිසර් කියපු දේ අහපු රණසිංහගේ ඇස් හීන් වුණේ, මූ මොකාටද එන්නේයැයි කියන්නාක් වාගේ. කවදත් රණසිංහ කොලේ වහල ගහන මිනිහෙක් නෙවෙයි. කයිසර් සෝෂේ කියන්නේ තමන්ගේ වාසියට අම්මා තාත්තා වුනත් වධ දීලා මරන්න පුළුවන් ජාතියේ මිනිහෙක් බව රණසිංහ හොඳට දන්නවා. රණසිංහගේ මුහුණේ ඇඳිලා තිබ්බ සැකය මුසු විමති සහගත බැල්ම කයිසර්ට හොඳට තේරුණා.

“බය වෙන්න එපා බොස්. මං ඉල්ලන්නේ එකම එක දෙයයි. මං අවුරුදු ගානක් තිස්සේ පරයාවයි තම්බියාගෙයි ඔලු දෙකේ වගකීම ඉල්ලුවා. මේ ටාගට් දෙක ගන්නවා නම් මට පරරාජසිංහම්වයි අර මුස්ලිම් කැරියාවයි ඕනේ. එහෙම නැත්තම් මේක වෙන්නේ නෑ බොස්.”

--------------------------------------------------------------

"අම්මි. කොහෙද ඔයා ඔය යන්න හදන්නේ? ඉඳගන්නකෝ මගේ උකුලෙන් පැටියෝ" සම්පත්ට නිම්මිව අත අරින්න හිත දුන්නේ නෑ.

"අනේ තාත්ති මං මේ අයිස්ක්‍රීම් කෝන් එකක් ගන්න යන්න හදන්නේ මැට්ටෝ. මේ අත අරිනවා මාව. කපටියා. මෙයාගේ මල කෝලම්." නිම්මිට අඩි දෙකක් යන්න වුණේ නැහැ. සම්පත් ආපහු නිම්මිව ඇදලා අරන් බදා ගත්තා. හික්කා වෙරළේ ගල් දෙකක් අතරේ වෙන දේවල් බලන්න අයිස්ක්‍රීම් කාරයෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ කියලා සම්පතුත් නිම්මිත් දෙන්නම දන්නවා.

"මගේ ලඟත් තියෙනවා අයිස්ක්‍රීම් කෝන් එකක්... හැබැයි හපලා කන්න බෑ ඒක හරිද?" එහෙම කියලා අත් දෙකෙන් නිම්මිව තද කරලා බදා ගත්තු සම්පත් නිම්මිගේ කැරලි ගැහුණු සුමුදු කෙස් කැරලි හුස්මකින් පිඹලා එහාට පා කරලා ඇරියා. සම්පත්ගේ දෙතොල් නිම්මිගේ නිරුවත් වුණු ගෙලට උණුසුම් හාදුවක් විදිහට පතිත කරන වාරයක් වාරයක් පාසා විදුලියක් වගේ පපුව හරහා යන ඒ ආක්ස්මික හැඟීම වගේ දෙයක් වෙන කිසි දවසක මීට කලින් නිම්මිට අත් විඳින්න ලැබිලා තිබ්බේ නැහැ.

"හපලා නෙවෙයි මම වම්බොටු කරලක් වගේ කඩනවා දෙකට, එන්නෙපා ඕවට හරි ද!” නිම්මි බොරු තරහක් මවා පාමින් සම්පත්ගේ මූණ තල්ලු කළා. එහෙම කරපු නිම්මි සම්පත් දිහා ආදරයෙන් බැලුවා.

-----------------------------------------------------

 සුදු වෑන් කියන්නේ සංකල්පයක් විතරයි මල්ලි. අපි මුලින් ටාගට් ඉස්සුවේ එක එක පාට එක එක ජාතියේ වාහන වලින්. එක සැරයක් අලුතෙන් ම කාගෝ නැවකින් හොර පාරේ නිසාන් වෑන් සෙට් එකක් ලංකාවට ලොක්කා ගෙන්නුවා. අපිට කලින් වාහන වල වගේ ම චැසි නොම්මරේ ඉඳන් වෙනස් කරන්න වුණා. එව්වා පාවිච්චි කළේ කට වැඩි වේසිගෙ පුතාලව බය කරන්න විතරයි. ඒත් නියම සුදු වෑන් කවදාවත් වෑන් එකක් වුණේ නැහැ. ඒවා අපි අතරේ අපේ ඉස්සරහින් දැනුත් පාරේ ෂෝක් එකට යනවා. බල්ලෙක්වත් ඒවා දිහා බලලා සැක හිතන්නේ නෑ කිඩ්නැප් කරලා මිනිස්සු අතුරුදහන් එව්වා පාවිච්චි කරනවා කියල." ශාන්ගෙ මුවඟ රැඳිලා තිබුණු හිනාව මිනීමරු විරිත්තිල්ලකට සමාන වුණා.

-----------------------------------------------------

"ඔව් අපි උන්ව ඉස්සුවා. ඒ වගේ ගොඩ දෙනෙක් ඉස්සුවා. ඒ අපි උස්සපු හැම එකෙක්ටම සිද්ද වුණේ මූ වගේ සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් බාජනෙක ඇටකටු කූඩුව පවා දිය කර ගන්න. තව පැයක් ඇතුලත මෙතන මළ මිනියක් නෑ කොල්ලෝ, තියෙන්නේ කෝස්ටික් සෝඩා වල දිය වෙච්ච කුණු ගඳ ගහන පාප්ප ගොඩක් විතරයි. ඉතුරු වෙන සෙවල ටික කොළොන්නාවේ කුණු කන්දට අත ඇරියාම කොහෙන්ද මළ මිනියක්? මතක තියාගනින්! උබ මරපු මිනියයි, මරපු අයුදෙයි, මරනවා දැකපු සාක්ෂියි කියන දේවල් තුන වෙන කෙනෙක්ට හොයා ගන්න බැරි තාක් කල් උබ මිනීමරුවෙක් නෙවෙයි."

-----------------------------------------------------

ජෝජ් ලොකු වැරද්දක් කළේ. ඉලිනොයිස් ප්‍රාන්තයේ නාඳුනන පාරක තමන්ගේ පුද්ගලික ලිමොසින් රථයේ ගමන් කරමින් හිටපු බැරක් කයිසර් දිහා ප්‍රශ්නකාරී බැල්මකින් බැලුවා.

"අපිට තවදුරටත් එයාව පාලනය කරන්න බෑ කයිසර්. ජෝජ් හිතුවේ මේ මිනිහත් එයා වගේ යුදකාමී පිස්සෙක් කියලා. අඩුම ගණනේ මං වත්  සිවිල් යුද්දෙකින් එහාට ලංකාවේ වාර්ගික යුද්ධය ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. කවුද හිතුවේ වේළුපිල්ලේගෙ ඔලුව කුඩු පට්ටම් කරයි කියලා. ශ්‍රී ලංකාවේ පාහරයෝ මං හිතුවට වඩා හිතේ හයිය තියෙන කාලකණ්නි ජාතියක්. අපි ලංකාවේ කරලා තියෙන ආයෝජන එක්ක බැලුවොත් යුද්දේ දිනපු එක ලොකු ගැටළුවක් වෙනවා.  වැඩිකල් මූව රජකමේ තියන්න බෑ. උගේ මෝඩකම් අපි ඌට විරුද්ධව පාවිච්චි කරන්න ඕනේ."

-----------------------------------------------------

සම්පත් බලාගෙන ඉන්නෙද්දී ම ක්‍රෙම්ලින් ගොඩනැගිල්ල බෝම්බෙන් සමතලා වෙලා ගියා. ධවල මාලිගාවත් පොළොව පස් වුණා නම් ලංකාව ගැන මොන කතා ද.

“මහා විනාශයක් අත ලඟයි...” සම්පත් තමන්ට ම කියා ගත්තා.

-----------------------------------------------------

මතු සම්බන්දයි. ඉතුරු ටික පසු දිනක.

Friday, April 22, 2016

2 වන විනාශය

මම සම්පත්. මං කවුද කියන එක උඹලට වැඩක් නෑ. අදාලත් නෑ. හොයන්නත් එපා. කියන්නෙත් නෑ. මේ බොරු කතාවක් නෙවයි. හැබැයි මේක ඇත්ත කතාවකුත් නෙවෙයි. ඉදිරියට එන්න තියෙන්නේ මහා විනාසයක්. එක නතර කරන්න නම් උඹලා හැම කෙනෙක්ම මගේ ඇත්ත කතාව දැන ගන්න ඕනේ. මේක කල්පිත අප්‍රබන්ධයක්. සම්පූර්ණයෙන් ප්‍රබන්ධිත නොවන සාහිත්‍ය නිර්මාණයක්. අපි අත් දකින යතාර්ථයට පිටින් තියෙන සමාජීය අධිතාත්ත්වික අදෘශ්‍යමාන හස්තය ගැන කෙරෙන අතිශයෝක්ති වර්ණනාවක්. ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලින් පුංචි වචන මාලාවක් මෙන්න උබලට දැන ගන්න මගෙන්. ඉදිරියේදී මේ ටික කියවලා ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වේවී.
උඹලා මගෙන් ඕනේ දෙයක් අහපල්ලා. ඒත් මං කවුද මොනවද කරන්නේ කියන එක විතරක් අහන්න එපා.
මතු සම්බන්දයි. ඉතුරු ටික පසු දිනක.

1 වෙනි විනාශය

මං සම්පත්-
මාත් උබලා වගේ මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් මට මගේ ජිවිතේ මං ආදරේ කරපු හැම දෙයක් ම නැති වුණා. උබල හිතනවා ඇති මේකා මැරෙන්න හදනවා කියලා. විශ්වාස කරපං! මං අද ඉන්න තත්ත්වෙට උඹලා පත් වුනොත් මැරෙන එක සැපයි කියල හිතේවි. ඒත් දෛවය මහා පුදුමාකාරයි. මට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම එක්ක මට සෑහෙන ශක්තියක් ලැබුණා. ඒත් ඒ වෙනුවෙන් මගේ ජිවිතේ අවුරුදු දහයක් එහෙම පිටින් ම මට විනාස කරලා දාන්න සිද්ද වුණා. ඒත් මට ඒ කිසි දෙයක් වලක්වන්න බැහැ. අනාගතේ උඹටත් මටත් වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවාමං උත්සාහ කලොත් දෛවය මට වෙනස් කරන්න පුළුවන් වේවි කියලා. ඒත් මහා මුහුදක් මැද්දේ පාවෙන දර කොටේක ඇවිලෙන ගිනි පුපුරක් වාගේ බලාපොරොත්තුවක් ඒක. ගිනි ඇවිලෙන දර කොටේකින් පුළුවන් ද මහා මුහුද වාෂ්ප කරලා දාන්න? උබලට මගේ අගක් මුලක් නැති අඤ්ඤකොරොස් කතාව කුනුහබ්බයක් වගේ ද? ඉඳපන්. මං මුල ඉඳන් කියන්නම්. මට මීට අවුරුදු පහළොවකට කලින් මම පහ වසරේ සිස්සත්තේ ලියන කබ්බ වයසට ගිහින් මගේ කාලකන්නි කතාව උබලට කියන්නම්. මේ මගේ විනාශයේ කතාවයි......