Friday, April 22, 2016

1 වෙනි විනාශය

මං සම්පත්-
මාත් උබලා වගේ මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් මට මගේ ජිවිතේ මං ආදරේ කරපු හැම දෙයක් ම නැති වුණා. උබල හිතනවා ඇති මේකා මැරෙන්න හදනවා කියලා. විශ්වාස කරපං! මං අද ඉන්න තත්ත්වෙට උඹලා පත් වුනොත් මැරෙන එක සැපයි කියල හිතේවි. ඒත් දෛවය මහා පුදුමාකාරයි. මට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම එක්ක මට සෑහෙන ශක්තියක් ලැබුණා. ඒත් ඒ වෙනුවෙන් මගේ ජිවිතේ අවුරුදු දහයක් එහෙම පිටින් ම මට විනාස කරලා දාන්න සිද්ද වුණා. ඒත් මට ඒ කිසි දෙයක් වලක්වන්න බැහැ. අනාගතේ උඹටත් මටත් වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවාමං උත්සාහ කලොත් දෛවය මට වෙනස් කරන්න පුළුවන් වේවි කියලා. ඒත් මහා මුහුදක් මැද්දේ පාවෙන දර කොටේක ඇවිලෙන ගිනි පුපුරක් වාගේ බලාපොරොත්තුවක් ඒක. ගිනි ඇවිලෙන දර කොටේකින් පුළුවන් ද මහා මුහුද වාෂ්ප කරලා දාන්න? උබලට මගේ අගක් මුලක් නැති අඤ්ඤකොරොස් කතාව කුනුහබ්බයක් වගේ ද? ඉඳපන්. මං මුල ඉඳන් කියන්නම්. මට මීට අවුරුදු පහළොවකට කලින් මම පහ වසරේ සිස්සත්තේ ලියන කබ්බ වයසට ගිහින් මගේ කාලකන්නි කතාව උබලට කියන්නම්. මේ මගේ විනාශයේ කතාවයි......

No comments:

Post a Comment